Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

පා පන්දු පිටියේදී 12 කට කස පහර

6712Views

 

 
 

 

 

පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබා දීමට තාලිබාන් පාලන අධිකාරිය විසින් කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

එම කස ප්‍රහාරයට මෙලෙස ගොදුරුව ඇත්තේ අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුළු "සදාචාරාත්මක අපරාධ" සඳහා වැරදිකරුවන් වූ පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

bbc විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  මෙම ස්ලාමීය පාලනය විසින් මෙලෙස පුද්ගලයන් කස පහරට ලක් කල දෙවන අවස්තාව  මෙයවන බවයි.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ, අනූව දශකයට පෙර තාලිබාන් පාලනය විසින් යොදා ගත් මෙම දැඩි දඬුවම් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක වීම තාලිබාන් පාලන තන්ත්‍රය නැවත වතාවක් පෙර සිටි තත්ත්වයකට පැමිණීම පිළිබඳ යම් සංඥාවක් නිකුත් කරන බවයි.

අදාල අවස්ථාවේ දී කස පහර කෑමට ලක් වූ පිරිස අතරතුර සිටි කාන්තාවන් සඳහා කස පහරවල් 21ක් ද පිරිමින් සඳහා කස පහරවල් 39ක් ද එල්ල කර තිබෙන අතර එම දඬුවම ලැබීමෙන් අනතුරුව පුද්ගලයන් පිරිසක් නිදහස් කළ බවත්, පහර කෑ පිරිමින්ගෙන් පිරිසක් නැවත සිරගත කල බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා.