Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඇඳිවත උනා දමා මේ සති අන්තයේ නිරුවතින් වෙරළේ ඉන්න අවසර

7819Views

 

 
 

 

 

ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට අවසර දී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන Bondi Beach හි නිරුවතින් රැඳී සිටීමට අවසර හිමිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සති අන්තයේදී මෙලෙස එම වෙරළේ රැදී සිටීමට අවසරය හිමිවී ඇති අතර එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරටය

ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කර ඇති ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිවී ඇති අතර එහි අරමුණ වී ඇත්තේ සෑම වසරකම සමේ පිළිකාවෙන් මිය යන ඕස්ට්‍රේලියානුවන් සිහිපත් කිරීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.