Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලක්ෂ ගානක මෝටර් රථ ෆෝඩ් සමාගම රිවස් කරයි

2100Views

 

 
 

 

 

ෆෝඩ් සමාගම වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.

ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසන අතර එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

අමෙරිකානු වෙළෙඳපොළෙහි අංක 02 ස්ථානය හිමිකරගෙන සිටින ෆෝඩ් සමාගම පවසන්නේ 2020 - 23 වර්ෂවලට අදාළ සිලින්ඩර් 3ක ධාරිතාවයෙන් යුතු 1.5L එංජින් සහිත Bronco Sport සහ Escape SUVs වාහන නැවත කැඳවන බවයි ඔවුන් එහිදී සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හඳුනාගෙන ඇති දෝෂය හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බවත් ලොව පුරා විකුණා ඇති මෝටර් රථ සඳහා එම තීරණය අදාළ බවද  ෆෝඩ් සමාගම වැඩිදුරටත්  පවසා ඇත්තේ.