Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඇෆ්ගන් තරඟාවලිය පැරදුණොත් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන අවධානමක

1309Views

 

 
 

 

 

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට නම් මෙම තරගාවලියේ පූර්ණ ජයග්‍රහණයක් ලැබීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වීමයි.

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගත හැක්කේ එක්දින තරග 24ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 සිටින කණ්ඩායම් පමණක් වන අතර ශ්‍රී ලංකාව මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ10 වන ස්ථානයේ පසු වෙනවා.

ඒ, එක්දින තරග 18කදී ප්‍රසාද ලකුණු 62ක් ලබාගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග 6 ජය ගැනීම අතිශය වැදගත් වෙන අතර
තරගයක් ජයගතහොත් ලකුණු 10ක්ද තරගයක් සමවී, ජය පරාජයෙන් තොරව අවසන් වී හෝ තරගය අත්හැර දැමීමෙන් කණ්ඩායම් දෙකටම ලකුණු 5 බැගින් හිමිවනවා.

ඇෆ්ගනිස්ථානය තරග 12කදී ප්‍රසාද ලකුණු 100ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට පහළින් සිටින දකුණු අප්‍රිකාවට තවත් තරග 8ක් ඉතිරිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විටත් සිටින්නේ ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවදානම් ස්ථානයකයි.