Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

"සුදූ මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බෑ..ඔයා ගාව සුවඳයි " කියා ගුරුවරියක් ගෙදරටම ගිහින් දරුවාට අතවර කරලා

2539Views

 

 
 

 

 

 

පහළොස් හැවිරිදි සිසුවකුගේ නිවෙසට ගොස් ඔහු අපයෝජනයට ලක් කළ බව කියන පන්ති භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහෙස්ත්‍රාත් නලින ඉඹුලගොඩ නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක සේවය කරන 42 හැවිරිදි තිදරු මවක වන ගුරුවරියකි. අතවරයට පත් සිසුවාගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ සෙවණෙහි හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි. ඉකුත් පස්වැනි දින සිසුවාගේ පුංචි අම්මා නිවෙසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයාගෙන නිවෙසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවෙසේ සිට ඇත්තේ දරුවා
පමණක් යැයි පැවැසේ.

පුංචි අම්මා නිවෙසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමඟ නිවෙසේ සාලයේ සැටිය මත වාඩි වී ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවෙසට ගොඩ වූ පුංචි අම්මා දැක ඇති නමුත් ඇය නොදැක්කා සේ නිවෙස තුළට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී “සුදූ ඔයාව දකින්න නැතිව මට ඉන්න බෑ," ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවුඩ මඟින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කරනු ලැබ තිබූ බව පොලිසිය කියයි. සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම් දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී මෙරටට පැමිණ මොරගහහේන පොලිසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. ඒ අනුව චෝදනා ලත් ගුරුවරිය වහා ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පාසලක් වෙත මැරු කර යැවීමට අධ්‍යාපන බලධාරීර්න් පියවර ගෙන තිබිණි.

පැමිණිල්ල ලද වහාම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කිර්මට පොලිසිය කටයුතු කර තිබිණි. සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ලබාදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. චෝදනා ලත් පාසල් ගුරුවරිය අද දින මොරගහහේන පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි. පානදුර කොට්ඨාසයේ වැඩබලන සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න, සහකාර පොලිස් අධිකරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව, කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සජීවනා පතිරණ, කාලේන ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක
ප්‍රමිලා රේණුකා යන මහත්ම මහත්මීහු සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

උපුටා ගැනීම - බිමල් ජයසිංහ
(මව්බිම)