Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

පොළොන්නරුවට කොන්ඩම් 50,000ක් නොමිලේ

4394Views

 

 
 

 

 

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ස්ථානවල  උපත් පාලන කොපු නොමිලයේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ  එම  දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. (ඒඩ්ස් රෝගීන්) ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් අවසන් දිනය දක්ව ආසාධිතයන් 16ක් හමුවී ඇති අතර ඉන් 05 දෙනෙකුම ළමයින් බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඒඩ්ස් රෝගීන් ගණන 82ක් බවත් වැඩිම පිරිසකට මෙම රෝගය වැලඳි ඇත්තේ සමලිංගික ඇසුර නිසා බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

මේ හේතුව මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බස් නැවතුම්පොළවල් හා ප්‍රසිද්ධ ස්ථාන, මහජනයා වැඩි පුර ගැවසෙන ස්ථානවල මෙම කොණ්ඩම් කවුළු ස්ථාපිත කර තිබෙන අතර ඒ හරහා මසකට පනස් දහසක් පමණ  උපත් පාලන කොපු නොමිලයේ නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පියවර නිසා ඒඩ්ස් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි මට්ටමක පවතින බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.