Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

කොරියන් නාට්‍ය බැලු සිසුන් තිදෙනකු ජිවිතයෙන් වන්දි ගෙවති

3182Views

 

 
 

 

 

 

නාට්‍ය නැරඹූ තරුණයින් තිදෙනෙකුට උතුරු කොරියාව විසින් මරණ දණ්ඩනය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

උසස් පාසල් සිසුන් තිදෙනෙකුට මෙලෙස මරණ දඬුවම ලබා දී ඇති අතර ඔවුන් අසල්වැසි රට වන දකුණු කොරියානු  රූපවාහිනී වැඩසටහන් නැරඹීම මිට හේතු වී තිබෙනවා.

2020 දෙසැම්බරයේ සම්මත කරන ලද නව නීතියක සඳහන් වන පරිදි දකුණු කොරියාවෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය අන්තර්ගතයන් පරිභෝජනය කිරීමේ ක්‍රියාව අපරාධයක් ලෙස  උතුරු කොරියාව සලකනු ලබනවා.

මීට පෙර එම නීතියට අකීකරු වීම හේතුවෙන් බාලවයස්කාර පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබා දී නොතිබුණද මේ වන විට නව යොවුන් වියේ දරුවන්ට පවා එම දඬුවම අදාළ වන බවයි වාර්තා වන්නේ.

මෙම සිසුන් තිදෙනා උතුරු කොරියාව සහ චීනය අතර දේශසීමා ආසන්නයේ පිහිටි නගරයක් වන Hyesan හි පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන් දකුණු කොරියානු සහ ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් වල කථාංග කිහිපයක් නරඹා තිබෙනවා.

පසුව ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමඟ මෙම කථාංග හුවමාරු කරගනිමින් සිටියදී හසු වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස උතුරු කොරියාව සිය පුරවැසියන් ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර කොරියානු-pop මියුසික් වීඩියෝ නැරඹීම නිසා පුද්ගලයින් හත් දෙනෙකු පසුගිය වසරේ ඝාතනය කර තිබෙනවා.