Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ශ්‍රී ලාංකික කතුන් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවේ සුපිරි තරු වෙලා

1322Views

 

 
 

 

 

 

ශ්‍රී ලාංකික සහ ඉන්දියානු කාන්තාවන් 06 දෙනෙක් 2023 – 24 වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විද්‍යා, ඉංජිනේරු විද්‍යා, තාක්ෂණ සහ ගණිත හැදෑරීම් ක්ෂේත්‍රයේ සුපිරි තරු ලෙස නම්කර තිබෙනවා.

ඒ අනුව 2023 – 24 වසර සඳහා  ශ්‍රී ලංකාවේ ආචාර්ය දෝන ජයකොඩි, නීලිමා කඩියාල, වෛද්‍ය අනුරිකා ද සිල්වා සහ ඉන්දියාවේ ආචාර්ය අනා බාබුරමනී, ආචාර්ය ඉන්ද්‍රානි මුඛර්ජි සහ ආචාර්ය සතානා (සැට්) දුෂ්‍යන්තන් යන 06 දෙනා මෙලෙස  සුපිරි තරු ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඉහලම විද්‍යා සහ තාක්ෂණ ආයතනය වන විද්‍යා හා තාක්ෂණ ඇකඩමිය (Science & Technology Australia (STA)) විසිනි.

එම ආයතනය ලොව විශිෂ්ට විද්‍යාඥයින් සහ තාක්ෂණවේදීන් 105,000කට වඩා නියෝජනය කරනු ලබන අතර සෑම වසරකම STA ආයතනය විද්‍යා, ඉංජිනේරු විද්‍යා, තාක්ෂණ සහ ගණිත යන ක්ෂේත්‍රයේ කටයුතු කරන ඕස්ට්‍රේලියානු විශේෂඥයින් අතුරින් කිහිප දෙනකු මෙලෙස සුපිරි තරු ලෙස නම් කරනු ලබනවා.

මෙවර නම්කර ඇති සුපිරි තරු පිළිබඳව STA ආයතනය පවසා ඇත්තේ මෙමගින් විද්‍යාඥයින් පිළිබඳ සමාජයේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඇති උපකල්පන බිඳ දමා ඇති බවය.

කාන්තාවන් හා ජීව විද්‍යාත්මකව වෙනස් පුද්ගලයන් පිළිබඳ හැඟීම් වෙනස් කරනු ඇති බවද වැඩි දුරටත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.