Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

මෙල්ටින් පොයින්ට් සහ වන අරණ සංවිධාන එක්ව ලස්සන වෙරළ වැඩසටහන දියත් කරයි!

1708Views

 

 
 

 

 

 

මධ්‍යම පරිසර අධිකාරියේ මගපෙන්වීමෙන් ස්ථාපිත මෙල්ටින් පොයින්ට් (Melting Point ) ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සහ වන අරණ සංවිධානය එක්ව සිදුකරන කොළඹ වෙරළ පිරිසිදු කිරීම සදහා දියත් කළ “ලස්සන වෙරළ” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පසුගිය ජනවාරි 04 වනදා ගල්කිස්ස වෙරළ තීරයෙදී පවත්වන ලදි.

ගල්කිස්ස සිට කොළඹ වරාය නගරය දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුකරන මෙම ව්‍යාපෘතිය සදහා කොළඹ වරාය නගරය,පරිසර පොලීසිය,වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහයෝගය ලබාදෙයි.

වන අරණ සංවිධානය දියත් කළ ලස්සන වෙරළ වැඩසටහන අඛන්ඩව වසර තුනක් තිස්සේ ක්‍රියාත්මක වැඩසටහනක් වන අතර මෙවර ඒ සදහා අත්වැල් බැදගෙන ඇත්තේ මෙල්ටින් පොයින්ට් (Melting Point ) ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියයි.

මෙල්ටින් පොයින්ට් (Melting Point ) යනු ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණය මගින් විසිතුරු දෑ ඇතුළු විවිධ භාන්ඩ නිපදවන ව්‍යාපෘතියක් වන අතර ලස්සන වෙරළ වැඩසටහන හා එක්වීම තුළින් පරිසර දූෂණය අවම කිරීම සහ සිය ව්‍යාපෘතිය වැඩි දියුණු කිරීමත් බලාපොරොත්තු වන බව එම ව්‍යෘපෘතියේ ප්‍රධානි කීර්ති කණහැරආරච්චි මහතා සදහන් කරයි.

ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණයට සම්බන්ධ විවිධ ආදායම් මාර්ග තුළින් ලංකාවෙ සිය දහස් ගණනක් ජීවත් වෙනවා.

අපේ ව්‍යාපෘතියට අවශ්‍ය ඒ අයට සවියක් වන්න.අපි තුන් ආකාරයකින් ඒ අයට උදව් කරනවා.
ඒ ඇළුමිනියම් සපයාදීම,මේ කර්මාන්තයට අවශ්‍ය නවීණ තාක්ෂණය හදුන්වාදීම සහ මේ තුළින් නිපදවන භාන්ඩ වලට වෙළදපොලක් නිර්මාණය කිරීමට සහය දීම යනාදි වශයෙන්.

මේ වෙරළ තීරයෙන් එකතු වන ඇළුමිනියම් තුළින් නිපදවන භාන්ඩයක් නැවත මේ වෙරළ තීරයෙදීම  සංචාරකයන්ට අළෙවිකර විදේශ විනිමය ගෙනෙල්ලා රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්.

අපි මේ කර්මාන්තය වැඩිදියුණු කරන්න දැඩි කැපවීමකින් කටයුතු කරන්නේ ඒ නිසයි.ඒ වගේම අපි මේ සියල්ල සිදුකරන්නේ කිසිදු ලාභයක් අපේක්ෂාවෙන් තොර සමාජ සුභසාධන ව්‍යෘපෘතියක් ලෙසයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු,පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ,සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහදපුර, ලයන් බෲවරි ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි රජීව් මීවක්කල, වන අරණ සංවිධානයේ සභාපති සංජක ප්‍රසාද් දොලේවත්ත සහ එම සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වීය.

 

&nbs