ධනවත් ඉන්දියානු දියමන්ති වෙළෙන්දෙකුගේ දියණියක් සියලු සැප සම්පත් අතහැර පූජකවරියක් වීමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
වසර 2,500 කට පෙර ඉන්දියාවේ ආරම්භ වූ ලොව පැරණිතම ආගම් වලින් එකක් වන ජෛන ආගම අනුගමනය කරන මිලියන 4.5 ජෛනයන් අතර සංඝවිවරුන් ද සිටිනවා.
කෙසේ වෙතත් ආගමික විද්වතුන් පවසන්නේ දේවන්ෂි වැනි කුඩා දරුවන් සම්බන්ධ සිද්ධීන් දුර්ලභ වුවද භෞතික ලෝකය අත්හැරීමේ ජෛනයන්ගේ සංඛ්‍යාව වසර ගණනාවක් පුරා වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.