රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු විසින් සිය බිරිඳට දතක් කැඩි යන පරිදි පහර දුන් පුවතක් නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ තිස්තුන් හැවිරිදි එක්දරු මවක වන අතර පහර කෑමෙන් තුවාල ලබා ඇති ඇය ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
දැනට කුලියට දී ඇති කෝටි ගණනක් වටිනා නිවෙසක් තමාගේ පරිහරණයට ලබා දෙන ලෙසට වෛද්‍යවරයා සිය බිරියට බලපෑම් කිරීමේ සිද්ධියක් දුරදිග යාම මෙම පහරදීමට හේතු වී ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙන්නේ.
මෙම වෛද්‍ය බිරිය අවුරුදු එකහමාරක් වයසැති තම එකම දරුවාද වඩාගෙන ගෙමිදුලේ සිටියදී වෛද්‍යවරයා ඇයට පහරදී ඇති අතර වෛද්‍ය බිරිය ජීවිතාරක්ෂාව පතා දිවයද්දී වෛද්‍ය බිරියගේ නැන්දම්මා සහ නැනා ඇය නිවසේ ගේට්ටුව අසලදී අල්ලාගෙන ඇයට තව තවත් පහර දෙන තුරු අල්ලා රඳවාගෙන සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.