Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

අතරමං වූ මවට පිහිට වූ උතුම් පොලිස් නිල දරුවන්

274Views

 

 
 

 

 

 

ප්‍රජා ශාලාවක් අසල අතරමංව සිටි වයෝවෘධ මවකට රැකවරණය ලබාදී පිහිටවීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කල පුවතක් වාර්තා වෙනවා.

බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ අතරමංව සිටි මෙම වයෝවෘධ මව පිළිබඳව ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා සිදුකළ දැනුම්දීමක් අනුව පොලිසිය එලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එම මව ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පොලිස් කැබ් රථයේ නංවා ගෙන පොලීසියට රැගෙන ගොස් ඇති අතර රැය පහන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණ අතර එම වයෝවෘද්ධ මවගෙන් සිදුකළ කරුණු විමසීමේදී ඇය පාදුක්ක ප්‍රදේශයේ තැනැත්තියක් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ ඥාතීන් සොයා ඇයව භාරදීමට කටයුතු කරන බවයි  බණ්ඩාරගම පොලීසිය පවසන්නේ.