ප්රමාද වී විශ්රාම ගැන්වීමේ සිද්ධියක් මුල්කරගෙන සිත්තැවුලට පත් ගුවන් හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු පස්වරු 6.20 ට පමණ කොට්ටාව දුම්රිය ස්ථානයේ නවතා නැවත ධාවනය කිරීමේදී මියගිය සැරයන් වරයා දුම්රියට පැන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ගුවන්හමුදා කඳවුරේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ බෝපේ පදිංචිව සිටි පණ්ඩිතගේ පුබුදු ප්රියදර්ශන නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.