Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

රෂීඩ් ඛාන් විස්සයි විස්ස පිටියේ කඩ ඉමක් ජය ගනී !

321Views

 

 
 

 

 

 

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට විස්සයි විස්ස කඩුලු 500 සීමාව පසු කර තිබෙනවා.

ඒ  අනුව ඔහු වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස පිටිය තුළ කඩුලු 500ක් දවාගත් දෙවන ක්‍රීඩකයා ලෙසටයි.

දකුණු අප්‍රිකා 20-20 ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් සහ ප්‍රිටෝරියා කැපිටල්ස් අතර පැවති තරගයේ දී රෂීඩ් ඛාන්ට කඩුලු 500 සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණා.

එහිදී ඔහුගේ 500 වන කඩුල්ල සම්පූර්ණ කළේ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ සයිල්ඩ් ෆොර්චුවන්ගේ කඩුල්ල දවා ගනිමින්.

මීට පෙර විස්සයි විස්ස පිටිය තුළ එම දස්කම දක්වා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩිවේන් බ්‍රාවෝ පමණයි.

මේ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පළමු ස්ථානයේ පසු වන්නේ 24 හැවිරිදි වියේ පසුවන රෂිඩ් ඛාන් වීම විශේෂත්වයක්