හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Michael Clarke හට ඔහුගේ පෙම්වතිය විසින් කම්මුල් පහරක් එල්ල කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.
තමාව රැවටීම පිළිබඳ වරද පටවමින් මෙලෙස පෙම්වතිය විසින් කම්මුල් පහරක් එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් Clarkeගේ විස්තර විචාරක වෘත්තිය වැඩ කටයුතුවලට පවා බාධාවක් එල්ල වීමේ අවදානමක් මතු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ .
හිටපු ඕස්ට්‍රේලියානු නායකයා සිය පෙම්වතිය Jade Yarbrough සමඟින් ක්වීන්ස්ලන්ඩ් හිදී නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර, Yarbrough විසින් Clarkeට තමන්ව රැවටූ බවට චෝදනා එල්ල කර තිබෙන අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය විසින් ඔහුට කම්මුල් පහර එල්ල කර තිබෙනවා.
මේ අතර සමඟින් එළඹෙන ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ විස්තර විචාරයට සම්බන්ධ වීමට නියමිත ව තිබූ අවස්ථාව ද Clarkeට අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන්නේ.
මෙම සිදු වීම වන විට Clarke සමඟ ඔහුගේ පෙම්වතියට අමතරව, ඇයගේ සහෝදරිය සහ පෙම්වතා ද එම ස්ථානයේ සිටි බවයි වාර්තා වන්නේ.
⛔️Watch:
— What_ever (@SoeverWhat) January 19, 2023
michael clarke karl stefanovic fight video.
karl stefanovic and michael clarke fight.
Michael Clarke and Stefanovic fight ????????
his girlfriend, and Karl Stefanovic at a public park in Noosa.
#MichaelClarke#leakedvideos #fight#jamespackerhttps://t.co/YzDBWZzzK1 pic.twitter.com/4LQn3zmDKJ