Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

"අනේ පුතේ..මේ රුපියල් 90 අරගෙන කන්න මොනා හරි ගේන්නකො" කෝටියක් වටිනා උතුම් ක්‍රියාවක් කළ තරුණයෙකුගේ හෘද සාක්ෂිය

303Views

 

 
 

 

 

 

තමා අත ඇති මුදලින් තරුණයෙකු සිදු කල සත් ක්‍රියාවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහනක් පල වී තිබෙනවා.

එම සටහන  පහතින්

පට්ට බඩගින්නක් ඇවිත් මහ රෑ (10.40) මොනවාහරි කන්න කියලා ගිහින් කොත්තුවක් ඕඩර් කරලා කන්න ගත්තා..

මගේ ටේබල් එකටම කැචස් එකකින් බැරි බැරි ගාතේ ඇවිත් මේ තාත්තා රුපියල් 90ක්‍ ටේබල් එක උඩින් තියලා, "මේකට කන්න පුළුවන් මොනවාහරි ගේන්න" කියලා වේටර්ට කිව්වා..

සිද්ධිය කිව්ව විදිහට ඇක්සිඩන්ට් එකක් නිසා ඇවිදින්න අමාරුයි..

පස්සේ මම වේටර්ට කිව්වා, ඒ සල්ලි එයාට දීලා, එයා ඉල්ලන දෙයක් ගෙනත් දෙන්න මම බිල ගෙවන්නම් කියලා.. ඉතින් ඉල්ලුවේ ඉඳිආප්ප දහයයි හොදි ටිකකුයි..

ඉඳි ආප්ප 15යි, චිකන්, පරිප්පු කරි එක්ක ටී එකක් දෙන්න කියලා මම කිව්වා.. කොහොමහරි ඒ තාත්තා බඩ පිරෙන්න කෑවා..

මහලොකු බිලක් නෑ.. අපි දෙන්නගෙම කෑම වලට රුපියල් 1000යි..

බිල ගෙව්වට පස්සෙ මගෙ අතේ ඒ වෙලාවේ තිබ්බේ තවත් රුපියල් 600ක් විතර.. ඒකත් ඒ තාත්තගේ උඩ සාක්කුවට දාලා එන්න ආවා..

උඹලා දන්නවද..
මට කෝටියක් වියදම් කරලා ලබන්න බැරි සතුටක් ඒ රුපියල් 1600/= වියදම් කරලා ලැබුවේ..

ඔයාලා කන්න බොන්න යනකොට ඔයාලටත් මේ වගේ අහිංසක අම්මලා තාත්තලා මුණගැහෙයි..

එදාට ඔයාලටත් පුළුවන් අද මම විඳපු සතුට විඳින්න..

❤❤❤❤❤❤

Credit goes to Respective Gentlemen G. Udara.