Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

සොරකම් කළ බඩුත් සමඟ සොරාගේ යතුරු පැදිය තවත් සොරෙක් උස්සලා..!

457Views

 

 
 

 

 

 

හිගුරක්ගොඩ ප්‍රදේශයේ වෙළදසල් දෙකක් කඩා සොරෙකු විසින් එහි භාණ්ඩ සොරාගෙන ඒ් ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන ගිය සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

තවද එම සොරා තේ එකක් බීමට කඩයකට ගිය අවස්ථාවේ තවත් සොරකු එම සොරාගත් භාණ්ඩ සමග යතුරු පැදිය සොරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙළදසැල් දෙක කැඩූ බව කියන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක් පමණ වන විවාහක පුද්ගලයකු වන අතර ඔහු මේවනවිට හිගුරක්ගොඩ නගරයේ නිරන්තරයෙන් ගැවසෙන පුද්ගලයෙකි.

කෙසේ නමුත් මෙම වෙළදසැල් දෙකෙහි හිමිකරුවන් හිගුරක්ගොඩ පොලීයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදු කළ මූලික පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා  රහසිගත ලෙස සොරාගත් කිරිපිටි සහ සිගරැට් තොගය පාපැදියේ පිටුපස ගැටගසාගෙන යමින් සිටියදී ඔහු විසින් තේ ඒකක් බීමට වෙළදැලකට ඇතුළු වී නැවත එළියට පැමිණ බලන විට එම භාණ්ඩ තොගය වෙනත් අයකු විසින් සොරාගෙන තිබී ඇති බවයි.