Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

"ගන්න පුලුවන් ඉහළම උපාධිය අරගත්තට පස්සෙත් මේ රටට අපෙන් වැඩක් නැද්ද ? " සරසවි ඇඳුරෝ හිත් තැවුලෙන්

350Views

 

 
 

 

 

 

ආර්ථික අර්බුදය හමුවේ තමන් උපයන ආදායමෙන් වැඩි කොටසක් රජයට බදු ලෙස ගෙවීමට සිදුව ඇතැයි බොහෝ දෙනා චෝදනා කරනවා.

මේ පිළිබඳව සබරගමු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්.

"පඩි පත ලැබුනා. Tax එක සහ personal loan එකට කැපිල 139000ක් ඉතුරු. House loan එකට 125000. මාසේ දරු පවුලත් එක්ක ජීවත් වෙන්න තියෙන්නෙ 14000. ගන්න පුළුවන් ඉහලම උපාධියත් අරන්. මේ රටට අපිව ඕනි නැද්ද?

මේරටින් ගිහින් මට සහ මගේ අධ්‍යාපනයට වටිනාකමක් දෙන රටකට යනවද නැත්නම් පවුල් පිටින් මැරිල යනවද?
අපිව මෙහෙම වැට්ටුවම අපි කොහොමද ඔලුව කෙලින් තියන් උගන්නන්නෙ?"

"Received this month salary. Rs. 139000 left after tax and personal loan. Rs. 125000 need for the house loan. Rs.14000 per month left to live with the family. Doesn't this
country need us?

Will I leave here and go to a country that values me and my education or will I die in this country with my family? How do we do our job and teach the students in such
situation while keeping our heads straight when we fall like this?"