යුරෝපා සංගමයට අයත් රාජ්‍ය වල ජනතාවට කෘමින් ආහාරයට ගැනීමට අවසර ලබා දී තිබෙනවා. ඒ යුරෝපියානු කොමිසම පසුගියදා ගත් තීරණයකට අනූවයි.
නිවෙස් වල සිටින පළඟැටියන් වේලා , කුඩු කර ආහාරයට ගැනීමට අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ . යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව ඇත.