ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර කාන්තා ඇඳුම් පැළඳුම් අලෙවි සැල් සියල්ලගේම පාහේ පිහිටුවා ඇති විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු ගලවා ඉවත් කිරීමට හෝ ඒවා කළු පැහැති මලුවලින් වැසීමට එම අලෙවිසැල් හිමිකරුවන් මේ දිනවල කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.
එරට පාලනය හිමි තලේබාන් සංවිධානය පසුගියදා ලබාදුන් නියෝගය මත එම අලෙවිසැල් හිමිකරුවෝ මෙම පියවර ගනිමින් සිටිති. විශේෂයෙන්ම තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය තුළ ගෙනයන දැඩි ඉස්ලාම් ආගමික තීන්දු තීරණ යටතේ කාන්තාවන් සදහා පනවා ඇති නීති මෙම නිරූපණ අනුරූ සඳහාද පොදුවීම ඊට හේතුව වී තිබේ.