අලුත්ගම ප්රදේශයේ පදිංචි අවුරුදු 25 හැවිරිදි පුද්ගලයෙකු යට ඇඳුමේ සඟවාගෙන කළුතර මහාධිකරණ පරිශ්රය තුළට දුම්කොළ රැගෙන යාම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඉතා සූක්ෂම ලෙස අසුරා ඇඳ සිටී යට ඇදුමේ සගවාගෙන තිබූ අගල් 15 ක් පමණ දිගැති දුම්කොල කැබලි දෙකක් සොයා ගත් බවයි.
බන්ධනාගාරවල සිට කළුතර අධිකරණයට රැගෙන එන රැදවියන්ට ලබාදීමට එම දුම්කොල රැගෙනවිත් ඇති බවට සැක පලකරන බව උසස් පොලිස් නිලධාරීයෙක් තවදුරටත් පවසා සිටියා.