මුද්දර ගාස්තු ඉහළ දැමීම නිසා මේ වනවිට සාමාන්‍ය ලිපි හා ලියාපදිංචි ලිපි යැවීම් 70%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙනවා.
පවතින පාඩුව අවම අර ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් ගාස්තුව අධික ලෙස ඉහළ දැමීම හේතුවෙන් මෙරට සාමාන්‍ය ජනතාව තැපැල් කාර්යාලවලට පැමිණීම ක්‍රමානුකූලව අඩුවෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.