අතීතයේ ඇතැම් චීන රජවරු අධිරාජ්‍යයන් බිහිවීම සහ සිය බල පරාක්‍රමයන් රඳවා තබා ගැනීම වෙනුවෙන් ඇතැම් පුරුෂයින්ගේ ලිංගෙන්ද්‍රයන් ඉවත් කල බව ඉතිහාසයේ සඳහන්ව ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා.
ඔහු කියා සිටින්නේ අන්තපුර ආරක්ෂා කිරීම සඳහා යොදා ගත් පිරිමින් මෙන්ම විවිද හේතු නිසා වෙන් තවත් අයට එවැනි සැත්කම් එවකට සිටි පාලකයින් විසින් සිදු කල බවයි.
රාජ් සෝමදේව මහතා මේ බව කියා සිටියේ පසුගියදා විකාශය වූ නෙත් එෆ් ඒම් රේඩියෝවේ අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින්.