2022 වසරේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ලෝක විස්සයි-20 කණ්ඩායමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දා එළිදක්වා තිබුනා.
එම කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නාගේ ස්ථානය ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හිමිව තිබුණා.
ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන විස්සයි-20 ලෝක කණ්ඩායමේ නිල හිස්වැස්ම ඊයේ දිනයේදී වනිදු හසරංග වෙත ලැබී තිබෙනවා.
වනිදු විස්සයි-20 ලෝක කණ්ඩායමට පිටපිටම ඇතුළත් වූ දෙවන අවස්ථාවව මෙය වෙනවා.
මේ පිළිබඳව ICCය ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම තුළ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්.
For a second year in a row, Wanindu Hasaranga has the ICC Men's T20I Team of the Year cap ???? pic.twitter.com/6YmbwiNWZF
— ICC (@ICC) January 29, 2023