Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

දකුණු තලංගම සිංහ සමාජයෙන් ජයන්තිපුර දරුවන් උදෙසා සමාජ සත්කාරක වැඩසටහන් රැසක් !

249Views

 

 
 

 

 

 

දකුණ තලංගම සිංහ සමාජය විසින් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබෙනවා.

ඔවුන් විසින් සංවිධානය කරනු ලබන සංගීත ප්‍රසංගය පෙබරවාරි 11 වන දින පැවත්වීමට නියමිත අතර ඒ සඳහා කීර්ති පැස්කුවල්,වෝල්ටර් ප්‍රනාන්දු,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,චිත්‍රාල් සෝමපාල,නිරාෂා නටාලි,නිමල් ජයමාන්න සහ Peter Rosairo යන මෙරට ජනප්‍රිය ගායික ගායිකාවන් සහභාගී වීමට නියමිතයි.

මෙම සංගීත ප්‍රසංගය හරහා එක්වන අරමුදල් යොදා ගනිමින් පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ බහු සේවා ව්‍යාපෘති සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර එම ව්‍යාපෘතියට අනුව ,කිසිදු මූලික පහසුකමක් නොමැතිව ජීවත්වන අසරණ පවුලකට නිවසක් තනා දීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් "ගැමි සැරිය" බස් රථයක් ලබා දීමට නියමිත අතර පාසල් සහ දහම් පාසල් සඳහා උපකරණ, පාසල් පොත්පත් ආදියද පරිත්‍යාග කිරීමට නියමිතයි.

එමෙන්ම පාසල් දරුවන්ගේ ආහාර සැකසීම වෙනුවෙන් මුළුතැන්ගෙයි උපකරණ සහිත ප්‍රජා කුස්සියක් ගොඩනැගීමට අදහස් කෙරෙන අතර පිළිකා සහ දියවැඩියා පරීක්ෂණ සහ අක්ෂි පරීක්ෂාවක්ද  සංවිධානය කොට තිබෙනවා.

එමෙන්ම පිළිකා සහ දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවත්වෙන අතර පවුල් 08ක් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට උපකරණද පරිත්‍යාග කරනු ඇති.

ඊට අමතරව "මැදිරිගිරිය තරුණ සේනාංකය" සම්බන්ධීකරණයෙන් තෝරාගත් තරුණ තරුණියන් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා බඳවා ගන්නා අතර අසරණ පවුල් සඳහා වියළි සලාක පරිත්‍යාග කිරීමක්ද එහිදී සිදුවෙනවා.

ඊට අමතරව දරුවන් සහ දෙමාපියන් සඳහා මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ දේශනද මෙම සත්කාරය සඳහා ඇතුළත් වෙනවා.