බංගලාදේශයේ චිතගොං නුවර භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් පර්යන්තයක සිය මිතුරන් සමඟ "හොරා පොලිස්" සෙල්ලමේ නිරත් වීමට කන්ටේනරයක් තුළ සැඟවුණු 15 හැවිරිදි දරුවෙකු දින පහකට පසු කිලෝ මීටර් කිලෝමීටර් තුන් දහසකට වඩා දුරින් පිහිටි මැලේසියාවෙන් හමු වූ අපූරු සිදුවීමක් වාර්තා වෙනවා.
මැලේසියාවේ බලධාරීන් පසුව බංගලාදේශයේ විදේශ අමාත්‍යංශයට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් නැවත බංගලාදේශයට පිටත් කිරීමට තීරණය කර තිබේ.