Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ගිලන් රථය ගියපු වේගයට පැනපු හක්ක නැවත හරි ගිහින්

753Views

 

 
 

 

 

 

හකු ඇටය පැනිමෙන් අසාධ්‍යය තත්ත්වයේ පසු වු විවාහක කාන්තාවක වේදනාවෙන් යුතුව ගැමි රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර සඳහා ගෙන ගිය ගිලන් රථයේ වේගයට බිය වී පැනපු හකු ඇටය යථා තත්ත්වයට පත් වු පුවතක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් අසන්නට ලැබුණි.

ගැමි පෙදෙසක සිටි මෙම කාන්තාව රාත්‍රීයේ කෑම කෑමෙන් අනතුරුව නින්දට යාමට සුදානම් වෙන අවස්ථාවේ දී හකු ඇටය පැනීම නිසා කට වසා ගැනීමට පවා නොහැකිව වේදනාවෙන් යුතුව පවුලේ අය විසින් ඇය රෝහලට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ එය යථා තත්ත්වය පත් කිරීමේ පහසුකම් නොමැති නිසා රෝහල සතු ගිලන් රථයෙන් ඒ මොහොතේම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. ගිලන් රථය යන වේගයෙන් ම කුරුණෑගල රෝහල් පරිශ්‍රයට හරවන වේගයට ගිලන් රථයේ නිදා සිටි කාන්තාව වැටෙයි කියා බියට පත්ව ආරක්ෂාකාරීව අල්ලා ගැනීමට තැත් කිරීමේදි පැනපු හකු ඇටය හරි ගිය බවට හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගින් බාර ගැනීමට සිටින වෛද්‍යවරයාට ඇය පවසා සිටියාය.

සිද්ධිය අසා සිනාසුණු වෛද්‍යවරයා එහෙනම් මොකටද රෝහලේ නවතින්නේ යැයි පවසා පැමිණි ගිලන් රථයෙන් ම සිටි ස්ථානයට යන ලෙසට දුන් උපදෙස්වලට අනුව රෝගි කත නැවතත් එම ගිලන් රථයෙන් ම ආපසු ගෙන ආ බවත් රෝහල් සේවකයෙක් පැවසීය.

උපුටාගැනීම - නන්දන කැලේල්ගම
(දිනමිණ)