මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඉදිරිපිට විවිධ දේ විකුණන පුද්ගලයින් නිරන්තරයෙන්ම දැකගන්නට ලැබෙනවා.ඇතැම් අවස්ථාවල ඔවුන් යම් යම් දේ විකුණන මුවාවෙන් පාරිභෝගිකයන්ට හානි සිදු කරන අවස්ථාද නැතුවාම නොවේ. එවැනි පුද්ගලයකුගේ නොමනා ක්‍රියාවක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා සටහනක් හුවමාරු වූවා.
මෙය සිදුව ඇත්තේ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයෙන් බවයි වාර්තා වන්නේ. පාරිභෝගික කාන්තාවක් මෙම සුපිරි වෙළඳසැලට ගිය පසුව මෙවැනි පුද්ගලයෙකු විසින් ඇයගේ මෝටර් රථයේ ටයරයක හුළං යවා ඇති අතර ඇය නැවත පැමිණි විට "මෙන්න නෝනා ටයර් එකේ හුලං ගිහින් ගෙදරින් එනකොට බලන්න එපැයි ,ස්පෙයර් වීල් එක තියෙනවනම් මාරු කරමු . මම මාරු කරලා දෙන්නම්." යනුවෙන් පවසා ඇයට උදව් කිරීමට සූදානම් වී තිබෙනවා. එහෙත් මුල සිටම මෙම සිද්ධිය දුටු තවත් අයෙකු මීට මැදිහත් වී ඇති අතර මෙම සිදුවීම පිළිබඳව ෆේස්බුක් හි පළ වී තිබූ සටහන පහතින්.
පරෙස්සමින් මේ අද 2023.01.30 වෙලාව පෙරවරු 8.50ට පමණ ස්ථානය අත්තිඩිය **** කොළ මිටි විකුණන මුවාවෙන් ගැවසෙන මිනිස්සු විවිධ සෙල්ලම් දානවා කියලා දන්නවා නේද ? මේ එවැන්නක් මේ වාහනේ හුළං ඇරලා... බඩු අරන් වාහනේ හිමිකාරිය වාහනේ ළඟට එනකොටම මෙන්න නෝනා රෝදෙක හුළං ගිහින් ගෙදරින් එනකොට චෙක් කරන් එන්න එපෑ ස්පෙයාර් වීල් එක තියෙනවා නම් මාරු කරමු මම මාරු කරන්නම් කියලා මනුස්සයාම මාරු කරන්න හදනවා. සිද්ධිය හොදින් දැකපු මහත්මයෙක් සුපර් මාර්කට් එකේ සුපර්වයිසර් කෙනෙක්ට කතා කරලා සිද්ධිය කියලා සෙකියුරිටි අන්කල් කෙනෙක් එක්කම එතනට ඇවිත් වෙච්චි දේ දැක්ක බව කියන කොට අර මනුස්සයා ෂේප් එකේ මාරුවෙලා ගියා.
මේ මනුස්සයා රෝදෙ හුළං ඇරලා විතරක් නෙවෙයි වෑල් එකත් අරන් ගිහින්. යහපත් මහත්මයෙක් ටයර් එක මාරු කරලා දුන්නා . මමත් අර කාන්තාව තනියම දාලා එන්නෙ නැතුව වැඩේ ඉවර වෙන කම් එතැන හිටියා. හැමෝම කල්පනාවෙන්. උදේ දවල් රෑ කියලා වෙනසක් නෑ උඩ ඉදන් පහළටම හොරකම තියෙන රටක යහපත් මිනිස්සු අසීරුවට පත් වෙන එක අරුමයක් නෙවයි.
තමන්ගෙ ආරක්ෂාව වාහන වල ආරක්ෂාව ගැන ගොඩක් කල්පනාකාරීව කටයුතු කරන්න
ශාලිකා ✍️ #copied