Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

කොකාකෝලා වෙතින් නව ජංගම දුරකථනයක්

543Views

 

 
 

 

 

 

වසර 130 කට වැඩි කාලයක සිට පැවත එන ලොව ජනප්‍රිය සිසිල් බිම නිෂ්පාදන සමාගමක් සිය සන්නාමගත ස්මාර්ට් ජංගම දුරකථනයක් එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

ජනප්‍රිය සිසිල් බිම නිෂ්පාදන සමාගමක් වන Coca-Cola සමගමේ සන්නාමය සහිත මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකථනය  පිළිබඳ තොරතුරු මෙතෙක් නිකුත් කර නොමැති අතර මෙම දුරකථනය පළමුව ඉන්දියාවේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම දුරකථනය 'Cola Phone' ලෙස නම් කර ඇති අතර, ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් සමඟ  හවුල් වී නිෂ්පාදනය සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුනේ.

මේ පිළිබඳව  realme සිය නිල Twitter ගිණුම ඔස්සේ මෙම දුරකථනය පිළිබඳව පවසා ඇත්තේ 'Something is fizzing at #realme' ලෙසයි.

නමුත් වාර්තා කිහිපයක් පවසන්නේ  Realme සමාගම විසින් නිකුත් කර තිබෙන Smart Phone එකක Rebrand වීමක් ද නැතිනම් නව Smart Phone එකක එළිදැක්විමක් ද යන්න පිළිබඳ තවමත නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා නොවන අතර වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Realme 10 Pro Smart Phone එකේ Rebrand Version එකක් විය හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.