ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා අදහස් පල කර සිටිනවා.
ඔහු කියා සිටින්නේ මීටත් වඩා කණ්ඩායමක් ලෙස පරාජයට පත්වූ අවස්ථා ඉතිහාසයේ ඇති බවත් තරඟ ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටින බවත්ය.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
"ජයග්‍රාහී මාවතට යන්න පුළුවන් අපේ ක්‍රීඩකයෝ හොඳයි.එත් එක්කම ක්‍රීඩකයන්ගේ විනය තියා ගන්න ඕනේ.
ඒක ඉස්සල්ලාම තිබිය යුතු කටයුත්තක්. ඒවගේම කළමනාකාරිත්වය හොඳට තියෙන්න ඕනේ.
එකත් ලොකු කටයුත්තක්. ඉතින් මේ හැමදෙයක්ම තිබුනොත්. මේ ක්‍රීඩකයන්ට උවමනා දේ දුන්නොත්, ඒ මානසික සහනය ක්‍රීඩකයන්ට ලැබුනොත්, ඉතින් මන් හිතනවා අපිට පරාජයන් වලින් ගොඩට එන්න පුළුවන් මිට වැඩිය පරාජය වෙච්ච වෙලාවල් තිබිලා තියනවා.
ඉතින් අපි එකෙන් එලියටත් ඇවිලා තියනවා. ඉතින් අපේ ක්‍රීඩකයන්ට මේකෙන් එලියට එන්න පුළුවන්."