Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

පෙබරවාරි 01 අහසේ කොළ පැහැ ගැන්වෙයි

557Views

 

 
 

 

 

 

මීට වසර 50,000කට පෙර නියැන්ඩතාල් මානව යුගය අවසානයේදී දිස්වූ හරිත පැහැ වල්ගා තරුවක්  ලබන පෙබරවාරි පළමුවැනි දා පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.

මෙම වල්ගා තරුව  C/2022 E3 (ZTF) ලෙස නම් කර තිබෙන අතර වල්ගා තරුව ප්‍රථම වරට පසුගිය වසරේ මාර්තු මාසයේදී තාරකා විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙබරවාරි පළමුවැනිදා සහ දෙවැනිදා එම වල්ගා තරුව පෘථිවියට සැතපුම් මිලියන 26ක් ආසන්නයේ ගමන් කරන අතර එය යළි කවදා හෝ පෘථිවිය ආසන්නයෙන් ගමන් නොකරනු ඇති බවට ඇතැම් විද්‍යාඥයින් අනාවැකි පළකර තිබෙනවා.