Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉන්දුනීසියාවේදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඝාතනයට ලක්වූ පසු පවුලේ අනෙක් අය බ්‍රසීලයට පලා ගිහිල්ලා

1385Views

 

 
 

 

 

 

ශ්‍රී ලාංකික ධනවත් ව්‍යාපාරිකයෙකු අභිරහස් අන්දමින් ඉන්දුනීසියාවේදී ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔපෙක්ස් හෝල්ඩිං ව්‍යාපාරයේ හිමිකරු වන ඔනේෂ් සුබසිංහ නමැති ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වෙන්නේ.

ව්‍යාපාරිකයා සිය බිරිඳ, දියණිය සහ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක සමග ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටියදී ඝාතනය වී ඇති අතර මෙම සිදුවීමෙන් පසු ව්‍යාපාරික බිරිඳ ඇගේ දරුවා සහ අනෙක් කාන්තාව බ්‍රසීලයට පළාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ව්‍යාපාරිකයාගේ බිරිඳ බ්‍රසීල ජාතික කාන්තාවක වන වන බවත්  ඇය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි  එරට පොලිසිය පවසන්නේ.