ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ හිටපු බිරිඳ වන චිත්‍රා රත්නායකගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුනා. ඒ වෙනුවෙන් වික්ටර් රත්නායක ගේ බාල පුතු ලෙළුම් රත්නායක ඔහුගේ සමාජ ජාලාවල සටහනක් ලියා පල කර තිබුනා.
ඒ සටහන පහතින් ,
ජීවතුන් අතර හිටියා නම් අදට අවුරුදු 77 ක්, අම්මේ. .!! තාත්තා ගේ දියුණුව වෙනුවෙන් ඔබ කල සියලු කැප කිරීම් මට අද මෙන් මතකයි, අම්මේ. අද අප අතර නැති අයියා, ලොකු අක්කා ද මා හා පොඩි අක්කා යන සිව් දරුවන්ට ඔබ දැක්වු ආදරය ද අද මෙන් මතක ය. ඒ සියල්ල එසේ වෙද්දී... ඔබ නැති අවුරුදු 20 ඇතුලත තවත් බොහෝ දේ සිදුවිය. සමහර දේවල් අතිශය සතුටුදායක වූ අතර තව දේවල් ඛෙදවාචක විය. ඒ කෙසේ වෙතත්, ඔබ ඉන්න තැනක හොඳින්ම ඇති බව නිසැකයි. අම්මේ, ඔබට උතුම් නිවන් සුව ලැබේවා. ....!! ????????????