Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඡන්දේ තියන්න සල්ලි නැත්තම් මාස දෙකක මන්ත්‍රී වැටුප අත්හිටුවන්න

212Views

 

 
 

 

 

 

මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදි  කියා සිටියේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබියදි නිදහස් දින උත්සවයට විශාල මුදලක් වැය කර ඇති බවත්, 75 වෙනි ජාතික නිදහස් දින උත්සවය මිට වඩා වියදම් අවම කර පැවැත්විමට කටයුතු කල යුතුව තිබු බවයි.

එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්

"මැතිවරණ කන්තෝරුව ඒ අය සුදානම් කරලා තියෙනවා. නමුත් අද වෙනකල් ට්‍රෙෂරි එක සල්ලි දුන්නේ නෑ කියලා ඒ අය චෝදනා කරනවා. පොලීසිය එස්ටිමේට් එකක් එවලා තියෙනවා. ඒක වැඩියි කියලා ආපහු එවලා. මේවගේ පරස්පර විරෝධය පෙන්නලා, ඒ අය කොහොම හරි මේක කල්දාලා නවත්ත ගන්න තමා බලාපොරොත්තු වෙන්නේ. මම නම් කියන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. ඒකට ඡන්දයක් ඕනේ. ඒ ඡන්දය පවත්වන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස මේ 225 දෙනාගේ පඩි මාස දෙකක් නවත්තලා හරි ඡන්දය පවත්වන්න ඕනේ. මම නම් සුදානම් මගේ පඩිය දෙන්න. අනිත් අය කොහොමද මම දන්නේ නෑ."