Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඕස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරුවෙකු ජාත්‍යන්තර පිටියට සමුදෙයි

340Views

 

 
 

 

 

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රභල පිතිකරුවෙකු  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ  ආරොන් ෆින්ච් වන අතර  වසර 12ක් පුරා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කල අතර පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට පියවර ගෙන තිබුනා.

ශතක දෙකක් සහ අර්ධ ශතක 19ක් ද සමඟ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 103ක් තුළ ලකුණු 3120ක් රැස් කරගෙන තබෙන අතර  විස්සයි විස්ස තරග ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවා ද වෙනවා.

2021 වසරේදී නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ආරොන් ෆින්ච්ගේ නායකත්වය යටතේ වීමද විශේෂත්වයක්.

2024 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් කණ්ඩායමට සැලසුම් සකස් කර ගැනීම සදහා තමාට ඉවත් වීමට සුදුසු අවස්ථාව මෙය බව ෆින්ච් ප්‍රකාශ කර ඇත.

ඒ, අනුව ඔහු මේ වනව්ට ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනෙන්ම විශ්‍රාම ගෙන අවසන්,