Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

සුපිරි පාපන්දු තරුව තුර්කි භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවෙයි

463Views

 

 
 

 

 

 

තුර්කියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් කඩා වැටුණු සුන්බුන්වලට යට වූවන් අතර හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් සිටින බව වාර්තා වෙනවා.

ඒ සුපිරි පාපන්දු ක්‍රීඩක 31 හැවිරිදි ක්‍රිස්ටියන් අසු වන අතර වෙල්සි සහ නිව්කාසල් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවට හසු වීමෙන් පසු සුන්බුන්වලට යට වී ඇති අතර, ඔහු සෙවීම් සහ මුදා ගැනීමේ
මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද භූමිකම්පාවෙන් පසු ඔහුගේ නව කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සුන්බුන් අතරින් මුදා ගැනීමට හැකිවී  තිබෙනවා.

පෙරේදා පැවති තරගයක දී අසු නියෝජනය කළ හටායිස්පර් රිඩා සමාජයට අවසන් මොහොතේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔහු ලබාගත් ගෝලයෙන් හැකියාව ලැබීමද විශේෂත්වයක්.