දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක ගාල්ල ඕපාත ප්රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇති බවත් දෙමව්පියන් එයට කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වෙනවා.
පුද පූජා පවත්වා දින 8ක කාලයක් පිරුණු දින රාත්රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පවසා තිබෙනවා.දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇති අවස්ථාවේදී කපුවා විසින් දැරියව අතවරයට ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ.