උදුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ කරන බෞද්ධ සැදැහැවතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ අප මහා බෝසතාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය සටහන් වී ඇති ශ්‍රී පාදස්ථාන පූජා භූමිය වන්දනාමාන කොට ආශිර්වද ලබා ගැනීම සඳහා පාද යාත්‍රාවේ යෙදෙන ශ්‍රීපාද වන්දනා සමයයි මේ.
මේ කාලයේදී බෞද්ධ බැතිමතුන් පමණක් නොව අන්‍යාගමික බැතිමතුන් පවා බුදුරදුන්ගේ පාද ලාංඡනය වන්දනා කර ආශිර්වාදය ලබා ගැනීමට වසරක් පාසා ශ්‍රීපාද පූජා භූමිය වෙත පැමිණෙනු ලබනවා.මෙය ඉතා අසීරු ගමනක් වූවත් ලොකු කුඩා තරුණ මහළු සියලු බැතිමතුන් ඔවුන්ට ඇතිවන ශාරීරික වේදනාවන් පසෙකලා ගමනාන්තය දක්වා යන්නේ සිතේ තියෙන භක්තිය නිසාවෙන්මයි.
එම නිසා බැති සිතින් සිරිපා කරුණා කරන වන්දනාකරුවන් හට ශාරීරික වේදනාවන්ගෙන් තොරව වන්දනාමාන කිරීමට සුව සහනයක් වන්නට Iodex වෙළද නාමය යටතේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා.
වේදනා සමනය කරන විශේෂඥයා වන Iodex සංවිධානය කරන Iodex සුව සහන සමාජ සත්කාරය මාර්තු 03 වනදා සිට 19 වනදා දක්වා ශ්‍රීපාද පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර මෙහිදී පැය 24 පුරාම සිරිපා වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් ගමනේදී ඇතිවන පාද වේදනා හිසේ කැක්කුම් ආදී සියලු ශාරීරික වේදනාවන් සමනය කිරීම සඳහා ජපන් සාම විහාරය අසල විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.
Iodex සුව සහන මධ්‍යස්ථානයට පැමිණෙන බැතිමතුන්ට පාදවල ඇති වී ඇති වේදනාව සමනය කරන්න පාද සම්භාහනයන්ද, Iodex Head fast එක්ක හිස දෙපස සම්භානය කර හිසට සහනයක් ලබා දෙන්නද, තවද හිසේ කැක්කුමක් හෝ ඇඟපත වේදනාවක් ඇත්නම් පැනඩෝල් මඟින් ඉක්මන් සහනයක් ලබාදී ගමන් වෙහෙස නිවාලන්නට Iodex සුව සහන සමාජ සත්කාරක කණ්ඩායම මෙත් සිතින් ශ්‍රීපාද පූජා භූමියේ රැදී සිටිනු ලබනවා.