කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිලියක් තුළ අතහැර ගොස් සිටි බිළිඳාගේ මව සහ පියා අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ .
අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එම පරික්ෂණය පැවැත්වීමට නියමිතය.