Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

සේවිකාව දිවි නසාගත් බව අසා රන් අලෙවසැලේ හිමිකරුත් දිවි නසාගෙන

8796Views

 

 
 

 

 

 

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරු සහ එහි සේවය කළ සේවිකාවක් ඊයේ දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුරු හමු වූ බවට යාපනය පොලීසිය පැවසුවේ.

මිය ගොස් සිටි ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුගේ සහ සේවිකාවගේ සිරුරු ඔවුන්ට අයත් නිවෙස්වල තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පළමුව ඊයේ උදෑසන ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවිකාව ඇයගේ නිවසේදී ගෙලවැලලාගෙන මිය ගොස් ඇති අතර අදාල සේවිකාව සේවයට නොපැමිණීම හේතුවෙන් හිමිකරු සොයා බැලීමේදී අදාල සේවිකාව ගෙලවැලලාගෙන ඇති බවට දැනගැනීමෙන් පසු ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුද ඊයේ දහවල් ඔහුගේ නිවසේදී ගෙලවැලලාගෙන සිටියදී මළසිරුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය රන්භාණ්ඩ ව්‍යාපාරිකයා 50 හැවිරිදි යාපනය නාවලර් ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන අතර ඔහුගේ බිරිඳ හා දරුවන් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන බවටද වාර්ථාවන අතර මිය ගිය තරුණිය 21 හැවිරිදි යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනත්තියක් බවටද වාර්තා වන්නේ.

අදාල සියදිවි හානිකරගැනීම් වලට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල මරණයන් දෙක අතර යම් සමබන්ධයක් ඇත්දැයි යන්න පිලිබඳව පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.