Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

විශ්ව විද්‍යාල ඉතිහාසයේ පළමු වරට තබන සිනමා සලකුණට සියල්ල සූදානම්

328Views

 

 
 

 

 

 

ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීයවිශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීයවිශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස  "වියසිදුරු" රන් අකුරින් ලියැවෙනු ඇත.

මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි මහතාගේ අධ්‍යක්ෂනයෙන් සහකැලණිය විශ්වවිද්‍යාලයීය  සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරීක්ශණ ව්‍යාපෘතියකටසමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි.

"වියසිදුරු" චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival - BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානයට මීට අමතරව අමතරවපසුගිය කාලයේදී තරග කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත. එනම් 

Best Debut Filmmaker Of Feature Film - INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,

SPECIAL JURY AWARD (BEST DEBUT FEATURE FILM)

Golden Sparrow International Film Festival 2021

Best High Schools film - Madonie Film Festival, Region of Sicily, Italy 2021,

Best International Feature Film - Port Blair International Film Festival 2021,

Best Postmodern Film - Tagore International Film Festival