ත්‍යාග වශයෙන් ලැබුණු ස්වර්ණාභරණ ඇතුළු සියලු තෑගි භාණ්ඩ දින 5 ක් ඇතුළත වහාම ආපසු බාර දෙන්නැයි බ්‍රසීල ෆෙඩරල් ගිණුම් අධිකරණය හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට නියෝග කර තිබෙනවා.
විදේශ සබඳතා හරහා සහ විදේශ සංචාර හරහා එම ත්‍යාග ලැබුණේ බ්‍රසීල ජනාධිවරයාට බවත්, ඒවා රජයට ආපසු ලබා දීම හිටපු ජනාපධිති බොල්සරානෝ කළ යුතු බවත් ෆෙඩරල් ගිණුම් අධිකරණය පෙන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රසීල නීතියට අනුව, ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයකුට තමන් සන්තකයේ තබා ගත හැක්කේ, අතිශය පෞද්ගලිකව හිමිවන ත්‍යාග පමණක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
2019 වසරේ දී ජනාපධිති ධුරය හොබවමින්, බොල්සරානෝ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයකට ගොස් තිබු අතර එහිදී ඔහුට ත්‍යාග වශයෙන් තුවක්කු දෙකක් ද හිමිවී තිබෙනවා.