Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

පොලිසිය දාන නඩු ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරවුවක්

170Views

 

 
 

 

 

 

කිසිඳු සොයා බැලීමකින් තොරව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන නඩු ගැන අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී  පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට  තහවුරුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.