Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

මන්ත්‍රී වලේබොඩගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක්

325Views

 

 
 

 

 

 

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීමට ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට පෙළ ගැසෙන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා 

ඒ  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීමක් කර තිබෙන්නේ.

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීම පිවිතුරු අරමුණකින් කරන ප්‍රතිසංස්කරණයක් නොවන බවත් පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම්වලදී ඒ වෙනුවෙන් පුළුල්ව හඬ නැගීමට ඉදිරිපත් වන ලෙසද  ඔහු එම ලිපියෙන්  ඉල්ලා තිබෙනවා.

වසර   50 කට අධික කාලයක් තිස්සේ මේ රටේ දරුවන්ට සිය මවුබස වන සිංහලෙන් හෝ දෙමළෙන් නීති විද්‍යාල විභාග සඳහා පෙනී සිටීමේ හැකියාව තිබූ බවත්  නීති ක්ෂේත්‍රය තුළ නිශේධනාත්මක ලක්ෂණ නිර්මාණය වූයේ මවු භාෂාවෙන් නීතිය හැදෑරීම නිසා නොව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය ලැබූ තැනැත්තන් අතට නීති  ක්ෂේත්‍රය පත්වීම සමඟ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා කිරීම නීති ක්ෂේත්‍රයේ හා නීති අධ්‍යාපනයේ ගැටලු විසඳීම වෙනුවට එම ගැටලුව අර්බුදයක් බවට පත් කිරීමට  දරන උත්සාහයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිනිසකුගේ උපරිම නිර්මාණාත්මක භාවය නිරාවරණය වන්නේ  මවුබසින් සිතීමෙන්  බවත් ඒ බව තහවුරු කෙරෙන පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය දශකය තුළ ප්‍රකාශයට පත්වී ඇති  බවත්  වලේබොඩ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.