ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටි බරපතළ තුවාල ලැබූ පුවතක් වාර්තා වෙනවා.
අද (18) පස්වරු 1ට පමණ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර ඒ අවස්ථාවේදී අදාළ දුම්රිය කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවෙමින් ඇත.
වයස අවුරුදු 41ක් පමණ වන අදාළ පුද්ගලයා දුම්රියේ ගැටීමෙන් පසු විසිවී ගොස් තිබෙන අතර එහිදී බරපතළ තුවාල සිදුවී ඇති අතර පසුව අදාළ පුද්ගලයාව එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
නිවසේදී ඇතිවී තිබූ ආරවුලකින් පසු උරණ වී සිට ඇති එම පුද්ගලයා අධික බීමතින් දුම්රිය මාර්ගයට පැමිණ එලෙස ධාවනයවෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වෙන්නේ.
තුවාල ලැබු පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බව හැටන් පොලීසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.