Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉන්දියාවයි පාකිස්තානයයි ෆයිනල් එනවා බලන්න ආසයි, මැච් එක තියන්න ඕනේ ශ්‍රී ලංකාවේ

1721Views

 

 
 

 

 

 

2023 වසරේ ආසියානු කුසලාන තරඟාවලිය යම් හෙයකින් පාකිස්තානයේදී නොපවත්වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බව හිටපු පකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් පවසනවා.

 

ඔහු කියා සිටින්නේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව සහ පකිස්ථානය මුණ ගැසෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් තමන් එය දැකීමට ඉතා අසා කරන බවත්ය.

 

ඔහු මේ බව පවසා සිටියේ විදෙස් පුවත් සේවයක් වන ANI පුවත් සේවය අමතමින්.

 

2023 ආසියානු කුසලානයට අමතරව 2025 ශූරයින්ගේ කුසලානයේද සත්කාරකත්වය පකිස්තානයට හිමි වූ දා සිට ඉන්දියාව සිය නම තරගාවලියෙන් ඉවත් කර ගනු ඇතැයි බොහෝ මත පල වූ අතර 2022 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා තහවුරු කළේ 2023 ආසියානු කුසලානය සඳහා ඉන්දියාව පාකිස්තානයට නොයන බවයි.

 

මාර්තු මාසයේ ACC සාමාජිකයින්ගේ විධායක මණ්ඩල රැස්වීමේ දෙවන වටයේ දී නව සත්කාරකත්වය තීරණය කිරීමට නියමිතයි.