Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන

291Views

 

 
 

 

 

 

කිරින්ද, පලාටුපාන සහ ගෝමරන්කඩවල, තිඹිරිවැව යන ප්‍රදේශවලින් සුළු භූ කම්පන 02ක් වාර්තා වෙනවා.

අදාළ භූ කම්පන පිළිවෙළින් රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් සහ 3.00 වන බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ, අජිත් ප්‍රේම මහතා සඳහන් කර සිටියේ.

කිරින්ද, පලාටුපාන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය ඊයේ (18) සවස ඇතිවී තිබෙන බවත් ගෝමරන්කඩවල ප්‍රදේශයේ භූ කම්පනය අද (19) උදෑසන ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

අදාළ භූ කම්පන මෙරට ස්ථාපිත සියලු භූ කම්පන මානවල සටහන්ව ඇති බවත් මේ සම්බන්ධයෙන්  අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසන්නේ.