ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී සිය 32 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව ලකුණු 416ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මිට ටික වේලාවකට පෙර කඩුලු 2ක් දැවි ලකුණු 113ක් ලබා සිටිනවා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 37කට දැවී ගිය අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක රැස්කළේ ලකුණු 19ක් පමණි.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 04ක් දැවී ලකුණු 580ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවුයේ ලකුණු 164ක් පමණි.
පන්දු යැවීමේදී මැට් හෙන්රි සහ මයිකල් බ්‍රේස්වල් කඩුලු 3 බැගින් බිඳහෙළීය.