Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ගුවනින් යද්දී සියයට 20ක් අඩුවෙයි ?

510Views

 

 
 

 

 

 

ඩොලරයේ අගයපහළ යාමට සමානුපාතිකව ගුවන් ටිකට්පත්වල මිල ද සියයට 20කින් පමණ අඩු වී ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් සමඟ පසුගියදා පැවති සාකාච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

ඩොලරයේ මිල අඩු වීම හේතුවෙන් ගුවන් ටිකට්පත්වල මිල ගණන් අඩු කරන ලෙසට තමා ශ්‍රී ලංකාවේ සිටින ගුවන් සේවා සමාගම් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව ඉදිරියේදී ගුවන් ටිකට්පත්වල මිල තවදුරටත් අඩු කිරීමට ඔවුන් පොරොන්දු වූ බවයි  අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය ක්‍රමයෙන් අඩු වීමත් සමඟම විශාල සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා 7 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.