Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

දේවාලයේ දෙවියෝ හොරෙන් මත්පැන් පෙරලා

380Views

 

 
 

 

 

 

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් එහි කපුවා ලෙස පෙනී සිටිමින් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන, දක්ෂිණාරාම පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් එහි කපුවා ලෙස පෙනී සිටිමින් මොහු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, සැකකරු විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලිලීටර් 135,000ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

ඊට අමතරව සූක්ෂම ලෙස පොළොව යට වළලා තිබූ බැරල් 06ක අසුරන ලද ගෝඩා මිලිලීටර් 11,35,000ක් සහ මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා භාණ්ඩ කිහිපයක් ද පොලිස් ද භාරයට ගෙන තිබෙනවා.